NOW ON AIR
Recently Added Political News
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා දේශපාලන පක්‍ෂ නියෝජිතයින් හා සිවිල් සමාජ නියෝජිතයින් විසි හතර දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගෙන තිබේ.
28th Dec - 17:14 | Political
විනය පරික්ෂණ පිට පරික්ෂණ පැවැත්වුවත් කුමන දඩුවමක් දුන්නත් අයවැයට එරෙහිව ජන්දය භාවිතා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
6th Dec - 13:47 | Political
දෙමළ සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් කඩිනම් තීරණයක් නොගතහොත් අයවැය තෙවන වර කියවීමේ ජන්ද විමසීමේදී ඊට සහය නොදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරන ටෙලෝ සංවිධානය තීරණය කර තිබේ.
6th Dec - 12:37 | Political
පසුගිය පාලන සමයේ ජනාධිපති කාර්යාලයේ ඇතුම් නිලධාරීන් අවමංගල්‍ය උත්සව වලට යවන මල් වඩමෙන් පවා මුදල් හම්බ කර ඇති බව අද පාර්ලිමේන්තුවේදි අනාවරණය විය.
3rd Dec - 15:55 | Political
අත්අඩංගුවේ පසුවන L.T.T.E.සැකකරුවන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙස විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා ඉල්ලීමක් කරයි.
3rd Dec - 15:27 | Political
අමාත්‍ය අර්ජුන රණතුංග පාසලේදී, ක්‍රීඩාවේදී මෙන්ම දේශපාලනයේදීත් කප්පිත්තෙක් බව, ගරු අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පවසයි. එතුමා අවධාරණය කළේ අර්ජුන රණතුංග වාසි අපේක්ෂාවෙන් කිසිම විටක තීරණ ගෙන නොමැති බවයි. සැම විටම ඔහු රට ගැන සිතා තීරණ ගත් දේශපාලනඥයෙක් බවද ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පැවසීය. එතුමා මේ බව කියා සිටියේ අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ උපන්දිනය සහ දෙසැම්බරයේ විප්ලවය සැමරීම සඳහා සංවිධානය කර තිබූ දානමය පුණ්‍යෝත්සවයට සහ ප්‍රජාසත්කාරක සේවාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.
2nd Dec - 16:53 | Political