NOW ON AIR
Recently Added General News
මන්නාරම වංකාලෙයි මුහුදේදී ධීවරයින් පිරිසකට නාදුනන පිරිසක් විසින් පහරදී තිබේ.අද අළුයම ‍මෙම පහරදීම සිදුව ඇත.
26th Feb - 16:31 | General
උතුරේ යුධ ගැටුම් සමයේ සිදු වූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සිදු කරනු ලබන පරීක්ෂණ සදහා ජාත්‍යන්තර සබදතාවයක් පැවැත්වීම පිළිබදව විරෝධතාවයක් නොමැති බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
26th Feb - 16:19 | General
මහා පරිමාණයේ කේරළ ගංජා ජාවාරමේ නිරත තිදෙනෙකු කේරළ ගංජා තොගයක් සමග පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
26th Feb - 11:02 | General
වවුනියාව පොලිස් වසමේ උක්කුලාන්කුලම ප්‍රදේශයේදී බාලවයස්කාර දැරියක් ලිංගික අතවර කොට ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු වවුනියාව පොලීසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
26th Feb - 10:59 | General
නීතිවිරෝධී ලෙස ඉන්දීය මුහුදු සීමාවට ඇතුල් වී මසුන් අල්ලමින් සිටි ශ්‍රී ලාංකික ධීවරයින් නවදෙනෙකු ඉන්දීය වෙරළ ආරක්ෂක බලකායෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
26th Feb - 10:57 | General
ව්‍යාජ ලිපි ලේඛණ යොදා ගෙන විදේශගත වීමට තැත්කිරීමේදී අත්අඩංගුවට ගෙන මෙ‍රටට පිටුවහල් කරනු ලැබූ දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ පසස්වරුවේ මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූ බව සදහන්වේ.
26th Feb - 10:49 | General