NOW ON AIR
මැතිව්ස්ට එංගලන්ත - ශ්‍රී ලංකා දෙවන තරඟය අහිමි වන ලකුණු
23rd Jun - 13:53 | Sports | 553

පාදයේ සිදුවී ඇති ආබාධයක් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිවුස්  එංගලන්ත - ශ්‍රී ලංකා දෙවන තරඟය සඳහා සහභාගී වීම අවිනිශ්චිත බව වාර්තා වනවා. 

මැතිව්ස් මෙලෙසින් පාදයේ ආබාධයකට ලක්වුණේ පළමු එක්දින තරගය අතරතුරයි.

ශ‍්‍රී ලංකා - එංගලන්ත පළමු එක්දින තරගයේදී මැතිව්ස් ලකුණු 73 ක් මෙන්ම කඩුලූ 2 ක් ද බිඳ දමන්නට සමත් වුණා.

හෙට පැවැත්වෙන තරගයට පෙර ඇන්ජලෝ මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතයි.