NOW ON AIR
මහේල නැවතත් වැඩ පෙන්වයි
20th Jun - 12:20 | Sports | 1741
එංගලන්ත ප්‍රාන්ත 20-20ස ක්‍රිකට් තරඟාවලියේ ඊයේ තරඟයක් පැවත් වුණා. ඒ, හැම්ප්ෂයර් හා සමර්සෙට් කණ්ඩායම අතරයි. එහිදී මහේල ජයවර්ධන සහ ක්‍රිස් ගේල් ගේ සුපිරි ඉනිම් හේතුවෙන් හැම්ප්ෂයර් ප්‍රාන්තය පරාජය කරන්නට සමර්සෙට් කණ්ඩායමට හැකිවුණා.

පළමුව පන්දුවට පහරදුන් හැම්ප්ෂයර් ප්‍රාන්තය පන්දුවාර 20ස අවසානයේ පන්දුවාර 18යි පන්දු 3කදී සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 133ක් පමණයි. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල සමර්සෙට් කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 4කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 136ක් ලබාගෙන ජය තහවරු කර ගත්තා. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ක්‍රිස් ගේල් ලකුණු 52ක් ලබා ගත් අතර මහේල ජයවර්ධනත් දස්කම් දක්වමින් ලකුණු 45ක් රැස් කළා.