NOW ON AIR
මහ මග හමුවන බෝම්බ
7th Mar - 14:04 | General | 648

යාපනය ගුරුනගර් ප්‍රදේශයේ මාර්ගයක් අසල තිබී අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ‍ගෙන තිබේ.යාපනය දිසා වැටලීම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකල විමර්ශ්‍නයකදි ඊයේ මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගත් බව පැවසේ.මෙලෙස සොයා ගෙන ඇත්තේ TNT වර්ගයේ අධිබලැති පුපරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 750ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.කවුරුන් විසින් මෙම පුපුරණ ද්‍රව්‍ය මෙම ස්ථානයේ දමා ගියේද යන්න පිළිබදව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.යාපනය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.