NOW ON AIR
මුහදෙන් ඉන්දියාවට යන්න ගිය රත්තරන් නාව්ක හමුදාව අතට
7th Mar - 12:16 | General | 632

රුපියල් කෝටි 3 කට අධික වටිනාකමකින් යුත් රත්‍රන් තොගයක් මෙරට සිට ඉන්දියාවට ප්‍රවාහනය කිරීමට උත්සාහ දැරූ පුද්ගලයින් දෙදෙනෙක් යාපනය මාදගල් ප්‍රදේශයේදි නාව්ක හමුදාවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.නාව්ක හමුදා නිලධාරීන් පිරිසක් ඊයේ සිදුකල ක්ෂණීක පරික්ෂාවකදි මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ.ධිවර කටයුතු වල නිරත වන බව පවසමින් ධිවර ආම්පන්න අතර සූක්ෂම ලෙස සගවා තිබී රත්‍රන් කිලෝග්‍රෑම් 6 යි ග්‍රෑම් 940ක් සොයා ගෙන තිබේ.මෙහි වටිනාකම රුපියල් තුන්කෝටි 45 ලක්ෂයක් පමණ වන බව සදහන් වේ.අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සහ රත්‍රන් තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා යාපනයේ රේගු නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කල බව නාව්ක හමුදා මාධ්‍ය අංශය පවසයි.