NOW ON AIR
6 වතාවක් විස්කම් පෑ අසල්වැසියා
7th Mar - 12:11 | Sports | 488

ආසියානු කුසලාන පන්දුවාර 20 -20 ක්‍රිකට් ශූරයන් බවට ඉන්දියාව සමත්විය.ඊයේ පැවති අවසන් මහා තරගයේදි බංග්ලාදේශ පිල පරදා කඩුළු 8 ක ජයක් ලබමින් ඉන්දියාව ආසියානු කුසලානය හිමිකරගනු ලැබීය.මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා තරගය එක් පිලකට පන්දුවාර 15 කට සීමා කරනු ලැබීය.එහිදී මුලින් පන්දුවට පහරදුන් බංග්ලාදේශ පිල කඩුළු 5කට ළකුණූ 120ක් රැස් කරනු ලැබීය.ළකුණු 121 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම කඩුළු 2ක් දැවී තිබියදි ජය හිමිකරගනු ලැබීය.මේ අනුව ඉන්දියාව ආසියානු ක්‍රිකට් කිරුල හිමකරගත් 06 වන අවස්ථාව මෙය වේ.