NOW ON AIR
ජිවිතයේ ගැලවීම සොයා ගිය අයට ජිවිතය අහිමිවේ
7th Mar - 11:58 | Foreign | 394

නීතිවිරෝධි සංක්‍රමණිකයන් පිරිසක් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් 25 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.තුර්කියේ සිට ග්‍රීසිය දක්වා නීතිවිරෝධි සංක්‍රමණීකයන් පිරිසක් රැගෙන යමින් තිබූ යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක්ව මුහුදේ ගිලී ගොස් ඇති බව පැවසේ.අනතුරට පත්වන විට මෙම යාත්‍රාවේ කොපමණ සංක්‍රමණිකයන් පිරිසක් සිටියේද යන්න අනාවරණය වී නොමැති අතර 15 දෙනෙක් බේරාගෙන ඇති බව පැවසේ.මිය ගිය පිරිස අතර කුඩා ළමුන් තිදෙනෙක් වන බව පැවසේ.මේ වසරේ ගතවූ කාලය තුල ග්‍රිසියට ඇතුල්වීමට උත්සාහ දැරූ නීතිවිරෝධි සංක්‍රමණිකයන් 321 දෙනෙක් සිදුවූ අනතුරුවලින් ජිවිතක්ෂයට පත්ව තිබේ.