NOW ON AIR
සැමියාගේ මාරයා අත්අඩංගුවට
7th Mar - 11:51 | Crime | 412

නිට්ටඹුව ඕවර්ඩ්වත්ත ප්‍රදේශයේදි මොට ආයුධයකින් පහරදී ස්වාමි පුරුෂයා ඝාතනය කිරීමේ චෝදනාව මත බිරිද අත්අඩංගුවට ගෙන තිබේ.ඊයේ පෙරවරුවේ ඕවර්ඩ්වත්ත ප්‍රදේශයේ පුද්ගලයෙක් ඝාතනයට ලක්ව ඇති බවට නිට්ටඹුව පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බව සදහන් වේ.ඒ අනුව සිදුකල විමර්ශනයේදි අනාවරණය වී ඇති තොරතුරු වලට අනුව සැකපිට ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි කාන්තාවක්.අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇය ප්‍රකාශ කර ඇත්තේ තම සැමියා බීමතින් පැමිණ කලක සිට තමාට පහර දෙන බැවින් තමා ඔහුට යකඩ පොල්ලකින් පහරදුන් බවයි.කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර නිට්ටඹුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.