NOW ON AIR
මත්ද්‍රව්‍ය ගිලින ජාතිකයෝ
7th Mar - 11:42 | General | 745

ඉතා සූක්ෂම ලෙස තම උදරයේ මත් ද්‍රව්‍ය සගවා ගෙන මෙරටට පැමිණි පාකිස්තාන ජාතිකයෙක් කටුනායක දී අත්අඩංගුවට ගෙන තිබේ.පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකල විමර්ශනයකදි මොහු අත්අඩංගුවට ‍ගෙන ඇති බව සදහන් වේ.මූලික විමර්ශන වලදි අනාවරණය වී ඇත්තේ හෙරොයින් ගුලි 52ක් ගිල මෙම පුද්ගලයා කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති බවයි.මෙම හෙරොයින් ගුලි 52 හි හෙරොයින් ග්‍රෑම් 400ක් පමණ ඇති බවටද තොරතුරු හෙලිවී තිබේ.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි පාකිස්තාන ජාතිකයෙක්.මොහු මීගමුව රෝහලට ඇතුලත්කර හෙරොයින් අඩංගු ගුලි පිටතට ගැනීමට කටයුතු යොදා තිබේ.එසේම සැකකරු මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබා ගත් රැදවුම් නියෝග මත රදවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.