NOW ON AIR
ශිවරාත්‍රී දිනයට අගමැතිතුමන් සුබ පැතුම් එක් කරයි
7th Mar - 11:23 | General | 548

මනුෂයත්වය ගොඩනැංවීමේ වැදගත්කම අවබෝධ කර ගැනීමටත් ඒ සදහා කැපවීමටත් මහා ශිවරාත්‍රී දිනය අවස්ථාවක් කර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහා ශිවරාත්‍රී දිනය නිමිත්තෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.නිදහස සංහිදියාව,සමානාත්මතාව දිනා ගනු සදහා මහත් කැපවීමක්,ඉවසීමත්,ධෛර්යයක් මානව ප්‍රෙමයක් අවශ්‍ය බවට විවාදයක් නොමැත.වාර්ගික,ආගමික,භේද වපුරවමින් අප රට අදුරෙහි හෙලන්නට විවිධ බලවේග ක්‍රියාත්මක වෙමින් පවතින මොහොතක අවබෝධ කර ගන්නටත් ඒ සදහා කැපවන්නටත් මහා ශිව රාත්‍රී දිනය අවස්ථාවක් කර ගනිමු යැයි අග්‍රාමාත්‍යතුමා පවසයි.ලොවපුරා හින්දු බැතිමතුන් නවම් මස අමාවක දින එළඹෙන මහා ශිව රාත්‍රී දිනය මහත් උත්සවාකාරයෙන් සමරනු ලබයි.මෙම රාත්‍රීය ශිව දෙවියන්ගේ ප්‍රියතම රාත්‍රිය ලෙසද සැලකේ.මෙදින තම අධ්‍යාත්මික ජිවිතය ‍අලෝකමත් කර ගැනීමේ අරමුණින් හින්දු බැතිමතුන් රැය පුරා නිදි වර්ජිතව උපවාසයේ යෙදෙන අතර පුණ්‍ය කටයුතු වලද නියලේ.දැල්වෙන පහණින් රැය ඒකාලෝක වන්නා සේම මෝහාන්ධකාරය දුරුවී ජිවිතාවබෝධය පහලවේවායයි ප්‍රාර්ථනා කරයි.ශිව රාත්‍රිය අර්ථවත් ලෙස ගත කිරීමෙන් විමුක්තිය උදාකරගත හැකි බව ඔවුන්ගේ විශ්වාසය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කල සුභ පැතුම් පණිවිඩයෙහි සදහන් වේ.