NOW ON AIR
දකුණේ තවත් කොල්ලකරුවෙක් ගිනි අවියක් සමග අත්අඩංගුවට
7th Mar - 11:01 | General | 329

තංගල්ල ප්‍රදේශයේ කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග අගුණකොලපැලැස්ස ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.තංගල්ල කොථිඨාශ අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව සිදුකල විමර්ශනයකදි මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ.අත්අඩංගුවට ගත් අවස්ථාවේ මොහු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ඔහු විසින් කොල්ලකන ලද භාණ්ඩ අපරාධ විමර්ශන අංශ නිලධාරීන් භාරයට ගෙන තිබේ.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වරායාය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්.සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.