NOW ON AIR
ජිවිතය අනාතවූ සරණාගතයා
7th Mar - 10:55 | General | 393

තමිල්නාඩුවේ තිරුමංගලම්හි සරණාගත කදවුරක සිටි ශ්‍රී ලාංකික සරණාගතයෙක් සියදිවි හානි කර ගැනීමෙන් පසු බලධාරින්ට එරෙහිව සරණාගතයින් විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබේ.48 හැවිරිදි ශ්‍රී ලාංකික සරණාගතයා විදුලි සැර වද්දවා ගෙන සියදිවි හානි කරගෙන තිබෙන බව සදහන් වේ.පශ්චාත් මරණ පරික්ෂණය සදහා සිරුර රැගෙන යාමට නිලධාරීන් පැමිණි අවස්ථාවේදි එයට ඉඩ නොදී සරණාගත කදවුරේ පිරිස විරෝධය දක්වා තිබේ.පසුව නිලධාරීන් විරෝධතාකරුවන් සමග සාකච්ඡා කර සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන බවට පොරොන්දු වී ඇත.ඉන්පසු පිරිස විරෝධතාව අත්හැරි බව සදහන් වේ.