NOW ON AIR
තවත් 5 දෙනෙකුට දිවි අහිමි කල මාරක රිය අනතුරු
7th Mar - 10:41 | General | 327

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු වලින් පස් දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.වෙන්නප්පුව,පින්නදෙනිය,සපුගස්කන්ද,කටුනායක සහ කටුගස්තොට යන ප්‍රදේශ වලදි මෙම අනතුරු සිදුව ඇති බව සදහන් ‍වේ.මෙම අනතුරු වලින් සිව් දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ යතුරු පැදි අනතුරු වලට ලක්වීමෙන්.වෙන්නප්පුව , පින්නදෙනිය සපුගස්කන්ද සහ කටුනායක යන ප්‍රදේශ වල යතුරු පැදි අනතුරු වාර්තා වී තිබේ.මේ අතර කටුගස්තොට හපුගොඩ ප්‍රදේශයේදි ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට ‍නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 29 හැවිරිදි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.අනතුරු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියදුරන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.