NOW ON AIR
නුවරඑළියේ අශ්වයොත් තහනම් උත්තේජක අරන්
6th Mar - 17:43 | General | 302

නුවරඑලිය තුරග තරග වලදි තහනම් උත්තේජක ලබාදීමෙන් අශ්වයින් සිව්දෙනෙක් මියගොස් ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.තමන් ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන අවස්ථාවේ පසුගිය වසර තුලදී මෙම සිදුවීම සිදුව ඇති බව අමාත්‍යවරයා කියා සිටියි.මෙලෙස අශ්වයන්ට තහනම් උත්තේජක ලබාදුන් පිරිසට මෙවරත් තුරග තරග පැවැත්වීමට අවස්ථාව ලබාදී ඇති බවද ඔහු පවසයි.වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා මෙම අදහස් පලකලේ අද පෙරවරුවේ නුවරඑලියේ පැවති ජන හමුවකදී අදහස් දක්වමින්.