NOW ON AIR
අවස්ථා දෙකකදී බලංගොඩ සෙලවේ
6th Mar - 17:37 | General | 367

බලංගො‍ඩ සහ අවට ප්‍රදේශ කිහිපයක සුළු භූ චලන තත්ත්වයක් වාර්තා වී ඇති බව වාර්තාවේ.ඉඹුල්පේ ,වැලිගපොල , මහවලතැන්න සහ බෝ අත්ත යන ප්‍රදේශවල මෙම පොළව සෙලවීම් වාර්තා වී ඇති බව පැවසේ.අද පස්වරු 2.20ට පමණ මෙම භූ චලන තත්ත්වය වාර්තා වී තිබේ.මේ පිළිබදව ප්‍රදේශවාසීන් විසින් භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශයට දැනුම් දී තිබේ.මේ පිළිබදව සිදුකල විමසුමකදි භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශය සදහන් කලේ අද අළුයම 2.50ට හා පස්වරු 2.20ට සුළු භූ කම්පන 2ක් සිදුව ඇති බවට පල්ලෙකැලේ භූ කම්පන මධ්‍යස්ථානයේ වාර්තා වී ඇති බවයි.එහෙත් මහකනදරාව හෝ හක්මන පිහිටි භූ කම්පන මාපකවල මේ පිළිබදව සටහන් වී නොමැති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය සදහන් කලේය.කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරනු ලබන බව ඔවුන් වැඩිදුරටත් සදහන් කලේය.