NOW ON AIR
ආසියාවේ ශූරයින් කවුද? තීරණය අද
6th Mar - 12:47 | Sports | 316

ආසියානු කුසලාන පන්දුවාර 20 -20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වීමට නියමිතයි.බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම මෙවර ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටියි.මේ වන විට ඉන්දීයාව අවස්ථා 5 කදි ආසියානු කුසලානය හිමිකර ගෙන ඇති අතර බංග්ලාදේශය අවස්ථා 02 කදි අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබේ.සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීම තුල ඉන්දීය කණ්ඩායමට මෙම තරගයේදි දැඩි සටනක් දීමට සිදුවනු ඇති බව විචාරකයින් පවසයි.