NOW ON AIR
සාම සාකච්ඡා සදහා අකමැති තලේබාන්වරු
6th Mar - 12:42 | Foreign | 331

විදෙස් හමුදා රටින් ඉවත්වන තෙක් සාම සාකච්ඡා සදහා තමන් සහභාගී නොවන බව තලේබාන් සංවිධානය පවසයි.ඇෆ්ගනිස්ථානයේ අර්බුදයට පිළියමක් ලෙස ඇෆ්ගන් රජය හා තලේබාන් සංවිධානය අතර ලබන සතියේදී සාකච්ඡා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.පාකිස්තානයේ පැවැත්වෙන මෙම සාකච්ඡා සදහා අමරිකාව චීනය හා පාකිස්තානය ද සහභාගීවීමට නියමිතයි.කෙසේ වෙතත් මේ පිළිබදව අදහස් දක්වමින් තලේබාන් සංවිධානය පවසා ඇත්තේ විදෙස් හමුදා රටින් ඉවත් වන තෙක් තමන් කිසිදු ආකාරයකින් සාම සාකච්ඡා සදහා සහභාගී නොවන බවයි.