NOW ON AIR
ගෝනමඩිත්තේදි තියුණු ආයුධයකින් පහරදි පුද්ගලයෙක් ඝාතනය කෙරේ
6th Mar - 12:36 | Crime | 331

පිලියන්දල ගෝනමඩිත්ත ප්‍රදේශයේදි මොට ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර තිබේ.ඊයේ රාත්‍රී මෙම ඝාතනය සිදුකර ඇති බව සදහන් වේ.පොලිසිය සිදුකරන ලද මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ ගෝනමඩිත්ත ප්‍රදේශයේ වෙළදසැලක් අසල සිදුවූ ආරවුලක් දුරදිග යෑමෙන් යකඩ පොල්ලකින් පහරදි මෙම ඝාතනය සිදුකර ඇති බවයි.මෙලෙස ඝාතනයට ලක්ව ඇත්‍තේ 40 හැවිරිදි පුද්ගලයෙක්.ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මඩපා‍ත ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි සහ 35 හැවිරිදි දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.