NOW ON AIR
රෝගී වී රෝහලට ඇතුලත් කල එකම පවුලේ පස්දෙනාගෙන් එක් අයෙක් මරුට
6th Mar - 12:28 | General | 294

ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් වැලිගම ප්‍රදේශයේදි රෝහල් ගත කරනු ලැබූ මව , පියා හා දරුවන් තිදෙනා‍ අතරින් එක් පිරිමි ළමයෙක් ජිවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිගම පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.ඊයේ පෙරවරුවේ කිසියම් අසනීප තත්ත්වයක් හේතුවෙන් වැලිගම, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ 5 දෙනෙක් වැලිගම වලාන රෝහලට ඇතුලත් කර ඇති බව සදහන් වේ.උන හා පාචන රෝගී තත්ත්වයක් හේතුවෙන් මොවුන් රෝහල් ගතකර ඇති බව වාර්තාවේ.එහිදි වයස අවුරුදු 10ක් වූ එක් පිරිමි දරුවෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.මෙලෙස මෙම දරුවා ජිවිතක්ෂයට පත්වීම හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.මොහුගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරික්ෂණ සදහා මාතර රෝහලට රැගෙන ගොස් තිබේ.කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය සහ රෝහල විමර්ශනයක් සිදුකරනු ලබයි.