NOW ON AIR
ශ්‍රී ලංකාවේ ආසියානු බලාපොරොත්තු ගිලිහි යයි
3rd Mar - 12:15 | Sports | 316

ආසියානු කුසලාන පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට තිබූ අවසන් බලාපොරොත්තුවත් සුන් කරමින් බංග්ලාදේශපිල අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනු ලැබීය.ඊයේ පැවති බංග්ලාදේශ-පාකිස්තාන තරගයෙන් පාකිස්තානය කඩුළු 5කින් පැරදවු බංග්ලාදේශය මෙලෙස ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.මෙම තරගයේ මුලින් පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුළු 7කට ළකුණු 129ක් රැස්කල අතර බංග්ලාදේශය කඩුළු 5ක් දැවි තිබියදි ජය වාර්තා කලේය.මේ අනුව මේ තරගාවලියේදි ශ්‍රී ලංකාවත් පාකිස්තානයත් අවසන් මහා තරගයට සුදුසුකම් නොලබන අතර ඉන්දියාව සහ බංග්ලාදේශය අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.