NOW ON AIR
ශ්‍රී ලංකාව තවත් ජාත්‍යන්තර ප්‍රඥප්තියකට එකග වේ
3rd Mar - 11:31 | General | 354

බිම්බෝම්බ සහ පුද්ගල නාශක බෝම්බ තහනම් කිරීමේ ඔටාවා ප්‍රඥප්තියට අත්සන් තැබීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.බිම් බෝම්බ වැලැක්වීම සම්බන්ධයෙන් ඊයේ ජිනීවාහි පැවති සම්මන්ත්‍රනයකදි ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති රවිනාත් ආරියසිංහ මහතා ශ්‍රී ලංකාවේ තීරණය දැනුම් දුන්නේය.මෙම සමුළුව ඇමතු ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති රවිනාථී ආරියසිංහ මහතා කියා සිටියේ බිම් බෝම්බ වැලැක්වීමේ ප්‍රඥප්තියට අත්සන් කිරීමට රජය තීරණය කර ඇති බවයි.මේ අනුව බිම් බෝම්බ සහ පුද්ගල නාශක බෝම්බ භාවිතය,ගබඩාකර ගැනීම,නිෂ්පාදනය සහ ප්‍රවාහනය තහනම් වනු ඇති.මේ වන විට බිම් බෝම්බ වැලැක්වීමේ ලෝක ප්‍රඥප්තියට රටවල් 162ක් එක්වී සිටියි.