NOW ON AIR
අල ළූනු බදු ඉහලට
1st Mar - 11:57 | General | 290

අල සහ ළූනු සදහා පනවා ඇති ආනයනික බදු ඉහල දමා තිබේ.ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බදු ඉහල දැමීම සිදුකල බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.මේ අනුව අල සහ ළූනු සදහා පනවා ඇති ආනයනික බදු රුපියල් 20 කින් ඉහල දමා තිබේ.දැනට අල කිලෝග්‍රෑම් 1ක් සදහා පනවා ඇති රුපියල් 15ක ආනයනික බද්ධ රුපියල් 35 දක්වාත් ළූනු සදහා පනවා තිබූ රුපියල් 05ක ආනයනික බද්ධ රුපියල් 25 දක්වාත් ඉහල යනු ඇති.