NOW ON AIR
පැරණි අමනාපකම ඝාතනයකින් කෙලවර වේ
1st Mar - 11:27 | Crime | 244

ඇල්පිටිය පොලිස් වසමේ මෛත්‍රීගම රාමදොල ප්‍රදේශයේදී තියුණූ ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කර තවත් දෙදෙනෙක්ට තුවාල සිදුකර තිබේ.ඊයේ රාත්‍රී 7 ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බව පැවසේ.පැරණි අමනාපයක් මත මෙම ඝාතනය සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 33 හැවිරිදි පුද්ගලයෙක්.තුවාල ලැබූ තවත් දෙදෙනෙක් ප්‍රතිකාර සදහා ඇල්පිටිය රෝහලට ඇතුලත් කර .තිබේ.ඝාතනය සිදුකල සැකකරුවන් හදුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.