NOW ON AIR
සරණාගතයින්ට වංචා කල සරණාගතයා අත්අඩංගුවට
1st Mar - 11:20 | General | 350

ශ්‍රී ලාංකික සරණාගතයින් පිරිසක් නීතිවිරෝධිව ඔස්ට්‍රේලියාවට යැවීමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සරණාගතයෙක් ඉන්දියාවේ රාමේෂ්වරන් වලදි අත්අඩංගුවට ගෙන තිබේ.මොහු වව්නියාවේ පදිංචි 35 හැවිරිදි නල්ලතම්බි නැමැත්තකු බවට හදුනා ගෙන ඇත.මෙම ශ්‍රී ලාංකික සරණාගතයා ගුම්මුඩිපොන්ඩි සරණාගත කදවුරේ රදවා සිටි අතර මීට දින කිහිපයකට ඉහතදි  කදවුරෙන් පලාගොස් ඇති බව සදහන් වේ.මොහු ශ්‍රී ලංකාවට පලා ඒමට සූදානම් වු අවස්ථාවේදි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කලේය.ශ්‍රී ලාංකික සරණාගතයින් 80 දෙනෙක් නීතිවිරෝධිව මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට රැගෙන යාමට සැලසුම් කල බවට මෙම ශ්‍රී ලාංකික සරණාගතයාට චෝදනා එල්ල වී තිබේ.රාමේස්වරම් පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.