NOW ON AIR
ශ්‍රී ලාංකික ධිවරයින්ට ඉන්දියාවෙන් අනතුරු ඇගවීමක්
1st Mar - 10:44 | General | 357

ඉදිරියේදී ඉන්දීය ධිවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කල බවට කිසිදු තැනකින් චෝදනා ඇසීමට ඉඩක් නොදෙන බව යාපනයේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ශ්‍රී.ඒ.නඩරාජා මහතා පවසයි.එමෙන්ම ශ්‍රී ලාංකික ධිවරයින්ද ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝණය කර මසුන් මැරීම පිළිබදව ඉන්දියාව දැඩි අවධානයෙන් සිටින බව ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස්වරයා ප්‍රකාශ කරයි.යාපනයේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ශ්‍රී.ඒ.නඩරාජා මහතා මේ බව සදහන් කලේ උතුරේ ධිවර සමිති නියෝජිතයින් නියෝජ්‍ය මහකොමසාරිස්වරයා මුණ ගැසුන අවස්ථාවේදීය.ඉන්දීය ධිවරයින් උතුරු මුහුදට ඇතුළු විම වලක්වන ලෙස ඉල්ලා උතුරේ ධීවර සමිති නියෝජිතයින් ඊයේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා මුණ ගැසී ලිපියක් භාර දී තිබේ.මෙහිදී අදහස් දැක්වූ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා කියා සිටියේ ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය නොකරන ලෙසට ඉන්දීය ධිවරයින්ට අවවාද කලත් ඇතැම් ධිවරයින් එම අවවාද නොතකා කටයුතු කරන බවයි.මේ ආකාරයට ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කල ඉන්දීය ධිවරයින් 350 දෙනෙක් 2013 වසරේදී අත්අඩංගුවට ගෙන ඇති අතර 2914 දී එය 750ක් දක්වා වැඩි වූ බව යාපනයේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස්වරයා සදහන් කලේය.ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ 2015 දි එය යලි 350ක් දක්වා අඩුවී ඇති බවයි.