NOW ON AIR
අපතේ යන ලක්ෂ 31 ක ශ්‍රමය
29th Feb - 16:27 | Political | 297

මෙරට තරුණයන් අතුරින් ලක්ෂ 31 විරැකියාවෙන් ‍හෝ ඌණ රැකියාවෙන් පෙලෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.වසරකට 360000ක් පමණ පාසල්වලට ඇතුලත්වන ළමුන්ගෙන් උසස් අධ්‍යාපනයට වරම් ලබන්නේ ළමුන් 12 දෙනෙකුගෙන් එක් අයෙක් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේ සමාජවාදී තරුණ සම්මේලනයට සහභාගීවෙමින්.