NOW ON AIR
රස්සාව අත්හිටවූ යෝෂිතට ඇපත් නෑ
29th Feb - 16:15 | General | 453

හිටපු ජනාධිපති පුත් නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතාගේ සේවය අත්හිටුවා තිබේ.ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත මෙම වැඩතහනමට ලක්කිරීම සිදුකර ඇති බව නාව්ක හමුදාව සදහන් කලේය.මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොථිඨාශය සිදුකරන විමර්ශන වලට අනුව මේ වන විට යෝෂිත රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි යෝෂිත රාජපක්ෂ මහතාගේ සේවය අත්හිටුවා ඇති බව නාව්ක හමුදාව සදහන් කලේය.මේ අතර යෝෂිත රාජපක්ෂ මහතාට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබූ අතුරු ඉල්ලීම් මහාධිකරණය අද ප්‍රතික්ෂේප කර තිබේ.මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ පසුගියදා සැකපිට අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ මහතාට ඇප ලබාදෙන ලෙස මහාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණී.එම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් අද මහාධිකරණයේ පැවති විභාගයේදී එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.මෙලෙස එම ඇප ලබාදෙන ලෙස කල ඉල්ලීම රජයේ නීතීඥවරු විසින් විරෝධය පල කිරීම හේතුවෙන් එම අතුරු සහනය ලබා දීම සම්බන්ධ නඩු විභාගය ලබන මස 8වන දින දක්වා කල් තැබීමට මහාධිකරණය විසින් තීරණය කර තිබේ.