NOW ON AIR
අපි ගැන වාර්තා ගොඩක් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයට
29th Feb - 16:01 | General | 321

ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් අද ආරම්භවන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තා ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ.ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 31 වන සැසිවාරය අද ජිනීවා හිදි ආරම්භ වීමට නියමිතයි.මෙම සැසිවාරය සදහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැනීම න්‍යයා පත්‍රයට ඇතුලත් වී නොමැත.එහෙත් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තා කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබදව සාකච්ඡාවට ගැනීමට නියමිත බව පැවසේ.මේ අතර අද දිනයේ දී මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඩ් රාඩ් අල් හුසේන් මානව හිමිකම් සැසිය ඇමතීමට නියමිතයි.එහිදී පසුගියදා ශ්‍රී ලංකාවේ සිදුකල සංචාරය පිළිබදවද මානව හිමිකම් මහකොමසාරිස්වරයා අදහස් දක්වනු ඇති බවද වාර්තාවේ.