NOW ON AIR
ෆෙඩරල් පසු පස දුවන මහ ඇමතිවරයා.
29th Feb - 11:17 | Political | 279

උතුරු නැගෙනහිර පළාත් සදහා ෆෙඩරල් පාලනයක් ඇති කිරීමට ඉන්දියාව මැදිහත්විය යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පවසයි.තමන් ඉන්දීය නායකයින්ගෙන් මේ සදහා මැදිහත්වන ලෙස ඉල්ලා සිටි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා කියා සිටියි.උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා මේ බව සදහන් කලේ ඉන්දියාවේ වැඩිදුර හැදෑරීමට උතුරු පළාතෙන් ගිය විද්වතුන් පිරිසක් පිළිගැනීම සදහා පැවති උත්සවයකට සහභාගී වෙමින්.දෙමළ ජනතාව දේශපාලනික වශයෙන් ඉතාම භීෂණකාරී වටපිටාවක ජිවත්වූ අවස්ථාවේදී ඔවුන් බේරා‍ ගැනීමට ඉන්දියාව මැදිහත් වූ බව මෙහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සදහන් කලේය.මේ අවස්ථාවේදී ද ඉන්දියාව මැදිහත්වනු ඇති බවට තමා තුල විශ්වාසයක් ඇතැයි ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා මෙහිදී ප්‍රකාශ කලේය.යුද්ධය නිමා වීමෙන් පසු දෙමළ ජනතාව යලි දේශපාලනික කුණාටුවකට හසුවී සිටින බව ප්‍රකාශ කල  උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට දේශපාලනමය විසදුමක් වශයෙන් ඇත්තේ ෆෙඩරල් විසදුමක් පමණක් බවට ඉන්දියාව තේරුම් ගෙන ඇතැයි වැඩිදුරටත් කියා සි‍ටියේය.