NOW ON AIR
නවසීලන්ත අගමැතිගෙන් ශ්‍රී ලංකා රජයට සහතිකයක්
24th Feb - 13:25 | General | 358

සංහිදියා වැඩ පිළිවෙලදී සහ දූෂණ ක්‍රියා මර්දනය කිරීමේදී මතුවන අභියෝගවලට මුහුණ දෙමින් රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා ප්‍රසාදය පලකරයි.සංහිදියාව ඇති කිරීම සදහා රජය ගන්නාවූ පියවර පිළිබදව සතුටුවන බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා පවසයි.නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා මේ බව සදහන් කලේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති ද්විපාර්ශවීය සාකච්ඡාවලින් අනතුරුව ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින්.ශ්‍රී ලංකාව ආසියාවේ බැබළෙන ස්ථානයක් ලෙස දකින බව පැවසූ නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා ශ්‍රී ලංකාව තුල ව්‍යාපාරික අවස්ථා ඇති බවත් සංචාරකයින්ට හොද රටක් බවත් කියා සිටියේය.නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය සංකේතවත් කරමින් අලි පැටවෙක් පරිත්‍යාග කල අතර ඒ සම්බන්ධයෙන්ද නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා සතුට පලකලේය.