NOW ON AIR
ජෝන් කී දිවයිනට
24th Feb - 10:23 | General | 268

සිව්දින නිල සංචාරයක් සදහා නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා ඊයේ රාත්‍රීයේ දිවයිනට පැමිණියේය.ඊයේ රාත්‍රී 11.45 ‍ට පමණ නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා රැගත් ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ලගාවිය.දිවයිනට පැමිණි නවසීලන්ත අගමැතිවරයා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය මේ වන විට ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී හමුදා උත්තමාචාර සහිතව සිදුකෙරේ.ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ නවසීලන්ත අගමැති ජෝන් කී මහතා අතර ද්විපාර්ශවීය සාකච්ඡා පවත්වනු ඇති.මෙහිදී ද්විපාර්ශවීය ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද නියමිතයි.නවසීලන්ත අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබදව නවසීලන්ත මාධ්‍ය වාර්තා කලේ ශ්‍රී ලංකා සංචාරයේදී දෙරට අතර වානිජ්‍ය හා දේශපාලන සබදතා ශක්තිමත් කර ගැනීම කෙරෙහි අවධානය යොමුකරන බවයි.