NOW ON AIR
ඥනසාර හිමියන් ඇප මත නිදහස්
23rd Feb - 17:46 | General | 347

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත නිදහස් කර ති‍බේ.මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිදවන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 26 වනදා ඥනසාර හිමියන් අත්අඩංගුවට ගෙන අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.මෙම නඩුව අද දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදි රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප 2ක් මත ඥනසාර හිමියන් නිදහස් කරන ලෙස අධිකරණය නියෝග කරනු ලැබීය.මෙම නඩුව යලි මැයි මස 24 වනදා කැදවීමට නියමිතයි.මේ අතර හෝමාගම අධිකරණය ඉදිරිපිට කලහකාරි ලෙස හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 26 වනදා ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් අත්අඩංගුවට ගත් අතර පසුගිය 16 වනදා උන්වහන්සේ එම සිද්ධියට අදාලය ඇප මත නිදහස් කරනු ලැබීය.