NOW ON AIR
පෑලියගොඩදී වැරදුනු කුරුමානම
23rd Feb - 11:40 | Crime | 304

පෑලියගොඩ පොලිස් වසමේ පොරණුකොටුවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා තිබේ.ඊයේ රාත්‍රී 09ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පැවසේ.පෑලියගොඩ මීගමුව මාර්ගයේ පොරණුකොටුවත්ත ප්‍රදේශයේ සිටි පුද්ගලයෙක්ට කිසියම් පිරිසක් විසින් වෙඩි තබා තිබේ.එහෙත් එම වෙඩි ප්‍රහාර ඔහු අසල සිටි වෙනත් පුද්ගලයින් දෙදෙනෙක්ට වැදී තුවාල ලබා ඇති බව පැවසේ.වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 14 හැවිරිදි බාලවයස්කරුවෙක් සහ 21 හැවිරිදි තරුණයෙක් ප්‍රතිකාර සදහා රෝහල් ගත කර තිබේ.පැරණි අමනාපකමක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.මෙම සැකකරුවන් හදුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ පොලිසිය පරික්ෂණ සිදුකරයි.