NOW ON AIR
නීතිවිරෝධිව ගොස් නීතියේ රැහැනට හසුවෙයි
22nd Feb - 15:11 | General | 268

මලයාසියාවේ නීතිවිරෝධ්ව රැදී සිටිමින් රැකියාවල නිරතවූ ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශිකයින් 1000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.නීතිවිරෝධි විදේශිය ශ්‍රමිකයින් රටින් පිටුවහල් කලයුතු බවට මලයාසියා‍වේ උප අගමැති අහමඩ් සෙහිඩ් හමීඩ් මහතා ප්‍රකාශ කිරීමෙන් පසු සති අන්තයේ වැටලීමක් දියත් කර තිබේ.මෙහිදී විදේශිකයින් 2182 නෙක් පරික්ෂා කර නීතිවිරෝධි රැකියාවල නිරතවූ ශ්‍රී ලාංකිකයන් ඇතුළු 971 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් පිරිස අතර ශ්‍රී ලාංකිකයන් 04 දෙනෙක් සිටින බව සදහන් වේ.ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා මෙම පිරිස රැදවුම් මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව සදහන් වේ.