NOW ON AIR
දිඹුලාගල කළු කොඩි ළෙලදේ
22nd Feb - 09:52 | General | 279

දිඹුලාගල මනම්පිටිය මාගම්තොට ගම්මානයේ ජනතාව කළු කොඩි ඔසවා විරෝධතා ව්‍යපාරයක් ආරම්භ කර තිබේ.අද අළුයම සිට මොවුන් මෙලෙස ගම්මානය පුරා කළු කොඩි ඔසවා විරෝධතාවයේ නිරතව සිටින බව සදහන් වේ.තමන් පාරම්පරිකව සිදුකරගෙන ආ ගඩොල් කර්මාන්තය තහනම් කිරීමට විරෝධය පලකරමින් මෙලෙස විරෝධතාවයේ නිරත වන බව වාර්තාවේ.පාරම්පරික ජිවනෝපාය සිදුකිරීම තහනම් කිරීම හේතුවෙන් තමන් පත්ව ඇති අසිරුතාව පිළිබදව බලධාරීන් දැනුවත් කලද මෙතෙක් කිසිවතුගේත් අවධානය යොමුවී නොමැති බව මාගම්තොට ප්‍රදේශවාසීන් පවසයි.