NOW ON AIR
වැල්ලම්පිටියේ සෙල්ලම් දැමූ අය කොටුවේ
22nd Feb - 09:46 | Crime | 318

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ජෝෂප් වීදියේදී විදේශිය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ පතොරම් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද විමර්ශනයකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ.අත්අඩංගුවට ගත් අවස්ථාවේ මොවුන් සන්තකයේ තිබී විදේශිය රටක නිෂ්පාදිත ගිනි අවියක් ,පතොරම් ගැබක් සහ එහි උණ්ඩ 02ක් පොලිස් භාරයට ගෙන තිබේ.මොවුන්ගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්ණ කිරීම් වලදී අනාවරණය වි ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේ පසුගිය වසරේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධයකටද මොවුන් සම්බන්ධ බවයි.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි සහ 38 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක්.මොවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මිරිහාන පොලිසිය වැඩිදුර  පරික්ෂණ සිදුකරයි.